වක්කඩ ළග දිය වැටෙන තාලයට...........


                   අද නිල් මල් හීනය තුළින් අර්ථවත් කරන්නේ මහගම සේකර මහතා විසින් රචිත පණ්ඩිත්  අමරදේවයන්ගේ හඩින් පණ පොවන වක්කඩ ළග දිය වැටෙන කාලයට ගීතයයි   සේකරයන්ගේ ගේය පද නිර්මාණ අතුරින් මේ ගීතය විශේෂ වේ.
 ගීතයේ මතුපිටින් පෙනෙන සොබා සුන්දත්වයට ඒහා ගිය අර්ථයක් ස්වකීය නිර්මාණය තුළින් ඉස්මතු කිරීමට නිර්මාණකරු සමත් වේ

  
වක්කඩ  ළග  දිය වැටෙන තාලයට
තිත්ත පැටව් උඩ පැන නැටුවා
අදාළ රූපය
වැස්ස වහින්නට ඉස්සර අහසේ
වලාකුලෙන් විදුලිය කෙටුවා
කිව්වට වස් නැත නිල් නිල් පාටින්
කටරොළු මල් වැට වට කෙරුවා
තුන් දවසක් අමනාපෙන් සිටි කලු

නෝක්කාඩු බැල්මෙන් බැලුවා.......

ගල මතුපිට මල පිපෙන්න
මල වට බඹරිඳූ නටන්න
වැහි වැහැලා ගඟ පිරෙන්න
ගඟ උතුරා හිත පිරෙන්න....

ගලා හැලෙන වැහි වතුර වගේ නුඹ
හිනාවෙයන් කලු හිනාවෙයන්
වෙලා මගේ හිත ඉනාවකින් තව
හිනාවෙයන් කලු හිනාවෙයන්....

                                            වක්කඩ යන වචනයෙන් ම අපේ හිතට නැගෙන්නේ ගැමි පරිසරයකි.  කුඹුරක දිය කඩිත්තක සංකල්ප රූප යි. ගීතය අැසූ පමණින් ගැමිපරිසරයකට වැස්සක් අැද හැලෙන්නට පෙර අවටින් මතු වන පෙර නිමිති අැතුළත් චමත්කාර දර්ශනයක් මහගමසේකරයන් රසික සිතේ අපූරුවට සිතුවම් කරයි

                           ගීතයේ මුල් පද පේළි පුරාවට ම විස්තර කරන්නේ සොබා සුන්දරත්වයයි. නමුදු ඊළග පද තුළින් සේකරයන් කාන්තාවක් චිත්ත රූපයට නංවන සෙයක් ඉස්මතුවේ.

                                කිව්වට වස් නැත නිල් නිල් පාටින්
                                කටරොළු මල් වැට වට කෙරුවා
                                තුන් දවසක් අමනාපෙන් සිටි කලු
                                නෝක්කාඩු බැල්මෙන් බැලුවා.......

                           
                                            මෙහිදී නෝක්කාඩු යන යෙදුම නිතැතින් ම කාන්තාව හා බැදෙන්නකි.  තුන් දවසක්  මේ යුවතිය ඔහු සමග යම් විරසකයක් අැති කරගෙන හෝ ඹවුන් දෙදනා දවස් කිහිපයක් වෙන්ව සිටියා යැයි  කෙනෙකු සිතන්නට පුලුවන.
  
                                මහගමසේකරයන් හිතුමතේ වදන්  ගළපන අයෙකු නොවේ. ඒනිසාම මේ ගීතයේ ඒන තුන් දවසක් අමනාපෙන් සිටි කළු යන්න පිළිබ‍‍ද ව සලකා බැලීම වටී.  කිල්ල  අපේ ජන වහරයේ අැති විශේෂ වචනයකි. කාන්තාවන් සම්බන්ධයෙන් මෙය වැඩි වශයෙන් භාවිත වේ.  ඒ කාන්තාවකගේ මාසික ඔසප් වීම නිසා කිල්ලක් අැති වන බවට ජන සංස්කෘතිය තුළ විශ්වාස කරන නිසාවෙනි. මේ කිළි සමයේදී කාන්තාවක් අපිරිසිදු වස්තුවක් සේ සලකයි. දවස් තුනකට පසු ස්නානයෙන් මෙය නැති වී යන බව සාමාන්‍ය පිළිගැනීමයි. ඉතින්  දෙදෙනෙක් අතර  අඹුසැමි සම්බන්ධතා පැවැත්වීමට මේ කාලය බාධාවක් වේ. ගීතයේ ඒන දවස් තුනක් අමනාපයෙන් සිටීම මේ සිද්දිය හා අපූරුවට බැදේ. අවසානයේ අැය ඒ් කාලය ඉක්මවා නෝක්කාඩු බැල්මෙන් බලන්නේ ලැජ්ජාවට විය හැකි ය. ඒය ලිංගිකත්වයට ඔහුට කෙරෙන අාරාධනයක් ලෙස ද සිතිය හැකි ය

                                සේකරයන් විසින් ගීතය සදහා යොදා ගත් කටරොළු මල් යන යෙදුම ද කාන්තාව හා සෘජුව සම්බන්ධ වේ. මේ වචනය  මුළු ගීතයේ ම යටි අදහසට සංකේතයක් වේ. කටරොළු මලේ විද්‍යාත්මක නාමය clitoria ternatea. කටරොළුවලට මේ නම යොදා ගන්නේ ඒය ස්ත්‍රී බාහිර ලිංගික අවයවයේ ස්වරූපය ගන්නා බැවිනි

       
                         ගල මතුපිට මල පිපෙන්න
                         මල වට බඹරිඳූ නටන්න
                         වැහි වැහැලා ගඟ පිරෙන්න
                         ගඟ උතුරා හිත පිරෙන්න

                           ගීතය මෙතෙක් ගලා අා තාලය  වෙනස් කරමින්   රිද්මයට තරමක් වේගවත් කර නව ජවයක් ලබා දී අැති බව පෙනේ. ඒකී සංගීත රටාව නිසාම මෙතැන දී යුවළ ලිංගික සම්බන්ධතාවක් පවත්වන බව නිර්මාණකරු උත්සාහ දරා අැති බව සිතීම සාධාරණය


                                  ගලා හැලෙන වැහි වතුර වගේ නුඹ
                                  හිනාවෙයන් කලු හිනාවෙයන්
                                  වෙලා මගේ හිත හිනාවකින් තව
                                  හිනාවෙයන් කලු හිනාවෙයන්.


                                 ගැහැණිය ස්වාභාවයෙන් ම සිය හැගීම් සෘජුව පවසන්නියක් නොවේ. අැය හැගීම් යටපත් කර ගනී. ඒය කාන්තාවකගේ මාන්නය යැයි ද පැවසීම වරදක් නොවේ යැයි සිතේ.  මේ මාන්නය අැය සතු සුන්දරතම ක්‍රියාවන් අතරෙන් එකක්. ඒනිසා ම ඔහු අැයට හිනාවෙයන් යනුවෙන් කිහිප වරක් අායාචනා කරනවා. අාදර කතාවක්  මෙලෙස ගණන් ඉස්සීම් සහ අායාචනා අැති විටෙක තව තවත් සුන්දර වෙනවා
                        
                                  ගීතයේ ඒන අවසාන පද තුළින් ඔවුන්ගේ බලාපොරොත්තුව යථාර්තයන් බවට පත් වූ අාකාරයත් ඒහි අවසාන  ලිංගික තෘප්තියත් අමරදේවයන්ගේ සංගීත ස්වරවලින් ද පිළිබිඹු කරයි. ගීතය මැද භාගයේදී  රිද්මයෙන් ලබා දුන් ජවය අවසානය් නැවතත් බාල කිරීම මගින් ද ඒ්  බව පසක් කරයි
                                මහගමසේකරයන් ගීතයෙන් බලාපොරොත්තු වූ අදහස කුණුහරප කියා කෙනෙකුට සිතිය හැකි ය. නමුදු මේ සුන්දර සිදුවීම සොබාදහම හා ගළපන්නට සේකරයන් සතුව අැත්තේ පුදුමාකාර හැකියාවකි
                     
                               ගීය රසවිදින විට ගැමි පරිසරයක දර්ශනයක් මැවුණත් ඊට ඒහා ගිය ශෘංගාරාත්මක අර්ථයක්  මේ තුළ ගැබ් වී අැති බව පැවසිය යුතුමය. මෙය ලිංගිකත්වය ගීතය තුළ   අපූරුවට සගවන ලද නිර්මාණයකි. ලිපිය අවසානයේ  මෙය විශිෂ්ට නිර්මානයක් බව ඔබ පවසනවා නොඅනුමාන ය
                              
                




























Comments

  1. Supiri subooo oya nam lassanata e sinduwa vicharaya krala 😘😘🎊

    ReplyDelete
  2. Great...but.. i thinkThis discourages several sexually explicit moves .

    ReplyDelete
  3. wow niyamai subo..niyametama liyala thiyenawa..digatama liyanna..good luck

    ReplyDelete
  4. ගීතය අසා තිබුනත් එහි අර්ථය දැනගෙන ඉදියේ නෑ.. ස්තූතියි සුබෝ අපිට ඒ ගීතයේ අර්ථය කියා දුන්නාට ... හරිම රසවත් ලිපියක් .....

    ReplyDelete
  5. අලුත් දෙයක් සුබෝ.. ලස්සනයි

    ReplyDelete
  6. Aa elaaaaaaaaa සුපිරි

    ReplyDelete

Post a Comment

Popular posts from this blog