ගිනිගත් තල් අරඹට අාවාදෝ ඉගිල්ලී∙∙∙∙∙∙∙∙∙

    
අදාළ රූපය



        සිංහල සිංදු කියන නළලේ තිලක තියන කිරිල්ලී
        තුඩින් හදවතක් අරගෙන
        ගිනිගත් තල් අරඹට
        ආවාදෝ ඉගිල්ලී……………
        දිව නුහුරු බසින් පෙම් කවි කී
        කුරුල්ලාට වශී වී
        ගිනි මලින් තැනූ මල් පොකුරක්
        අතට ගත්ත මනාලී
        මධු සමේ මධුර කටු අතරේ
        පිපී වැනුණ සුරූපී
        ගිනි අවිත් එක්ක පෙමින් බැඳුණ
        විගඟ සෙනග හඩාවී
        ඒ කඳුළු සිංහලට නගන්න
        නුඹට හැකිය ප්‍රියාවී
        ආදරය නුඹට බාරයි
        රැක ගනින් දේවතාවී….
       ගායනය : ගුණදාස කපුගේ
      පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ
      සංගීතය : ගුණදාස කපුගේ

             වසර 30ක් මුළුල්ලේ ම අප රටේ පැවති යුධමය තත්වය නිසාවෙන් සියලු ලාංකිකයන්ට අසන්නට දකින්නට ලැබුණේ  හද සසල කරවන සිදුවීම් ය.  ජාතිවාදය හේතු කරගන ඒකම රටක මිනිසුන් දෙපසට වී කුලල් කා ගන්නා සමයක ඒකී පරස්පර ජාතීන් දෙකකට අයත් පෙම්වතුන් දෙදෙනෙක් ට නිදහසේ අාදරය කිරීමට සැබවින් ම පුළුවන් ද...
        ජාති කුල මල අාගම් අාදරයේ ගණුදෙණුවට බාධා ගෙන දෙන්නක් නොවේ. නමුත් බාහිර පාර්ශවයන්ට අාදරයකට හරස් වීමට ඒවැනි සාධක නිසැකයෙන් ම පෙරදැරි වේ
        මේ ගීතයටත් රත්න ශ්‍රී විජේසිංහයන් වස්තු විෂය කර ගන්නේ සත්‍ය කතාවක් මත පාදක වූ මේ සිංහළ දමිළ අාදර අන්දරයයි
   සිංහළ සිංදු කියන නළෙල් තිලක තියන කිරිල්ලී.....   අැය නමින් විනීතා සමරසිංහ වූවාය. මාතර කඹුරුපිටිය ගමේ  මධ්‍යම පාන්තික පවුලකට දාව උපන් අැය පොළිස්  නිළධාරිණියක් ලෙස සේවයට බැදෙන්නී ය. අැය සේවය කරන්නේ කිරුළපන පොළිසියට අනුයුක්තව ය
           පොළිස් සේවයට බැදුණු  දමිළ තරුණයෙකු ද කිරුළපන පොලිසියට පැමිණෙන්නේ  මේකාලයේදී ය. ඔහු නඩේෂන් . අාදරයට බාධාවක් නොවන බව මේ දෙදෙනා ඔප්පු කරන්නේ දිනෙන් දින දළුලන ප්‍රේමයේ නාමයෙන් ඔවුන්ට ම වෙන් වූ ලෝකයක් තනා ගැනීමට උත්සාහ දරමිනි
           මේ  ජාතිිවාදි ගිනිසිළුවෙන් මුළු රටම ගිනිගෙන තිබූ සමයකි ඒ නිසාම දෙදෙනාගේ සම්බන්ධයට දෙපසින් ම  විරෝධය පළ කරයි.  කොතෙක් බාධා තිබුණ ද යුග දිවි සිරි මැදින් විනීතා සහ නඩේසන් උතුරුකරයට පිය මනින්නේ දහසකුත් බලාපොරොත්තු අැතිව ය.  ඒදා තල් අරඹට ගිය නව යුවතිපති යුවළ ඊළාම් සටනේ පුරුක් පවට පත්  වේ.  
          අවසානයේ නඩේසන් ඒල්.  ටී. ටී. ඊ සංවිධානයේ පාෙළිස් අංශයේ නායකයා ලෙසත් විනිතා සමරසිංහ ඒහි සාමාජිකාවක් බවටත් පත් විය
මේ ගීතයේ කතාවයි.     
                ගීතය අාරම්භයේදිම  ජාතීන් දෙක අතර වෙනස හුවා දක්වන්නේ සිංහල සිංදු කියන නළලේ තිලක තියන කිරිල්ලී යන යෙදුම තුළිනි.  අැය සිංහල කතා කළ ද නළලේ තිලකයක් තියා සැරසී අැති බවක් මෙහිදී කියා පායි.   සිංහල  කාන්තාවගේ දමිළ සම්මිශනය  ඒමගින් මනාව පැහැදිලි කරයි අාදරයේ ඉදිරියේ ජාතිවාදය යනු පුහු සාධකයක් බව ඔප්පු කරමින් හදවත උතුරා යන අාදරය සමගින් අැය තල් අරණට පැමිණෙන්නේ  නෑදෑ සනුහරයම විරුද්ධ වන මොහොතක ය
             
           මෙහි දී ගිනිගත් තල් අරඹට ආවාදෝ ඉගිල්ලී   යනුවෙන් රචකයා පවසන්නේ උතුරේ  බිහිසුණු යුධමය තත්වයයි

        දිව නුහුරු බසින් පෙම් කවි කී
        කුරුල්ලාට වශී වී
        ගිනි මලින් තැනූ මල් පොකුරක්
        අතට ගත්ත මනාලී
      
            මේ පෙම්වතාට සිංහල කතා කිරීම අපහසු ය.   සිය පෙම්වතියට පෙම්බස් දොඩන්නේ කැඩුණු සිංහලෙනි සිය අාදර ගණුදෙනුවට මේ ගැටළු නොසලකා හරින අැය ඔහුගේ පෙම් කවිවලට අාදරණීය පිළිතුරු සපයයි ප්‍රේමයේ නාමයෙන් මනාලියක් අත දරනා මල් පොකුර වෙනුවට අැයට හිමිවන්නේ ගින්දරයි ඒනම් කටුකත්වයයි  කටුක යහනාවක මදු සමයේ සුව විදින අැය අාදරය නිසාවෙන් සියලු කැප කිරීම් කළ ජාතියක් පාවා දුන්නද  අවංක පෙම්වතියකි

          
       ගිනි අවිත් එක්ක පෙමින් බැඳුණ
        විගඟ සෙනග හඩාවී
        ඒ කඳුළු සිංහලට නගන්න
        නුඹට හැකිය ප්‍රියාවී     
 

             ජාතිවාදය උළුප්පා ගත් මේ යුද්ධයට සමස්ත දමිළ ජනයා කැමති යැයි සිතීම අසාධාරණය ඔවුන් සියල්ලම ෙමයට වගකිව යුත්තන් ද නොවේ ගිනි අවි සමග කළ සටනට සම්බන්ධ නොවු දමිළ ජනයා මේ තුළින් විශාල වශයෙන් පීඩා වින්දාහ     ගීතයේ අවසාන භාගයේදි පෙම්වතා අැයට පවසන්නේ ඒක දෙයකි ඒනම් යුද්ධයෙන් හෙම්බත් වූ මිනිසුන්ගේ කදුලු සේ ගලා හැලෙන හදවතේ භාෂාව සිංහලයට නගන ලෙසයි අහිංසක දමිළ මිනිසුන්ගේ මේ දුක්බර කතාව  සිංහල මිනිසුන් නොදැන වැසී යාම වළක්වන ලෙසයි
 
          යුගයේ විශිෂ්ටත ම ගීත රචකයෙකු වන  රත්න ශ්‍රී විජේසිංහයන් විසින් භාෂාව හසුරවා අැති අාකාරය ඉතාමත් ප්‍රශංසනීය වේ. ගුණදාස කපුගේ මහතාගේ මියුරු සරින් ගීතය තවත් අලංකාර වී අැත   
අද මේ ගීතය රස විදින්න විනීතා හෝ නඩේසන් හෝ නැත ඔවුන්ගේ ගෙවුණු දිවිය කුමක් වුව ද දෙදෙනාගේ ප්‍රේම වෘතාන්නය සිංහල ගේය ලෝකය අදටත් රසවත් වනු අැත





                                                         - සුබෝධි විජේසිංහ-

      
          

          



        

    
          















Comments

Post a Comment

Popular posts from this blog