නුඹට සිත බැදි කාරණේ මම තවම සොයන්නෙමි.........
ගහක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමී
හිතක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමී
නුඹට සිත බැදුණේ කිමැයි මා
තවම නොදන්නෙමි
නුඹට සිත බැදි කාරණේ මා
තවම සොයන්නෙමී...
කතරෙ වැලි කැට හිරුට පෙම්බැද
ඇතත් ලෝ දහමින්
සොදුරු වැස්සට දැවෙන කතරත්
ආදරෙයි පණමෙන්
ලොවට නොපෙනෙන අරුම සෙනෙහස
ඒ වගෙයි මනරම් කරනුබැරි තහනම්
සදට සදහට සෙනෙහෙ පෑමුත්
උදුල තරු කැටයම්
හිරුටපෙම් බැදි එකම තරුවක්
සිටිය නොහැකිද යම්
නුඹට නොහැගෙන මගේ ප්‍රේමය
ඒ වගේ මනරම්
පුදුමවෙයි නුඹ නම්
ගහක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමී
හිතක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමී
මුලු ලෝකය ම සුවදවත් කිරීමට මල් පිපුණ ද ඒ අැයි ද මම දන්නෙ නෑ∙ ඒය මට මහත් අරුමයකි∙ ඒ් මල්වලින් දොරෙ ගලන සුවද මගේ හිතෙත් සුවදක් වෙන්නෙ අැයි කියන්න දන්නෙ නෑ∙ ඒපරිද්දෙන් ම නුඹ වෙනුවෙන් මගේ හිත අැදුෙන අැයි කියන්න හේතු මම දන්නෙ නෑ∙
යමුනා මාලිනියන් අතින් හැඩගැන්වුණු මෙම ගීතයේ අරුත අැසු පමණින් වැටහෙනවා නොවන්නට පුලුවන∙ අැය ගීතය සදහා යොදාගෙන තිබෙන ගේය පදයන්හි අර්ථය වචනයෙන් වචනය ගෙන දිගහැර බැලුවහොත් සමලිංගික ප්‍රේමය පිළිබද ව කියා පාන ගීතයක් බව පසක් වේ
"කතරෙ වැලි කැට හිරුට පෙම්බැද
ඇතත් ලෝ දහමින්
සොදුරු වැස්සට දැවෙන කතරත්
ආදරෙයි පණමෙන් "
සොබාදහමට අනුව කාන්තාරයේ සුන්දරත්වය සූර්ය රශ්මිය යි∙ කතරේ සෑම වැලි කැටයක් ම හිරුට පෙම් බදී∙ ඒය පොදු ධර්මතාව යි∙ ඒසේ වුව ද සූර්ය රශ්මියෙන් දැවෙන කතරට වර්ෂාව ද පෙම් බදින බව ගීතයෙන් කියා පායි∙ වැසි වැටීම අරුම පුදුම දෙයක් නොවේ∙ නමුදු අහම්බෙන් අැද හැලෙන වැස්ස ඒ් කාන්තාරය ම අාශා කරනවා මෙන් ම තදින් වැළද ගන්නවා∙
ගීත රචිකාවිය මේ අපූරු උපමා යොදා ගනිමින් සමරිසි ප්‍රේමයක පැටලුණු අයෙකුගේ සිතුවිලි සංයමයෙන් විස්තර කරයි∙
ගැහැණියෙකු සහ පිරිමියෙක් අන්‍යයෝන්‍ය වශෙයන් අාලය කිරීම ලෝක ධර්මතාවට අනුව සම්මත දෙයකි∙
විශම ලිංගිකත්වයෙන් ඔබ්බට ගොස් සමලිංගිකයන් කෙරේත් ආදරය නම් හැගීම ඇතිවිය හැකි බව මෙම පදපෙල අවසානයේ "ලොවට නොපෙනෙන අරුම සෙනෙහස ඒ වගෙයි මනරම්.. කරනු බැහැ තහනම්.." පදපෙලින් සමලිංගික ආදරය අසම්මතයේ ක්‍රියාවක් බැවින් මෙකී සෙනෙහස ලොවෙන් සගවනා සෙනෙහසක් බවත් කිසිවෙකුට ඒ හැගීම යටපත් කරන්නට බැරි බවත් කියයි...
"සදට සදහට සෙනෙහෙ පෑමුත්
උදුල තරු කැටයම්
හිරුටපෙම් බැදි එකම තරුවක්
සිටිය නොහැකිද යම් "
කවියෝ සද උපමා කරන්නේ කාන්තාවටයි∙ අැය ලස්සනයි∙ දීප්තිමත්∙ ඒ නිසා අැය ලබා ගැනීමට දහස් ගණනින් තරු කැට පාෙරකයි∙ සදත් තරුත් අතර ප්‍රේමය සදාතනිකයි∙
සදේ සිසිල අතහැර මේ තරු පෙර කී සම්මතයට පිටුපාමින් දිවා අහසේ රජයන හිරුට පෙම් කරාවි යැයි සිතිය ෙනාහැක්කේ කාටද∙∙∙
රසවින්දනය කරන අයෙකුට ඉතා රසවත් ගීතයක් මාලිනියන් විසින් සහෘදයාට තිළිණ කර අැත∙ සමලිංගිකයන් අතර අාදර සම්බන්ධතා අසම්මත වුව ද අප දකින සම්මත අාදරය ද ප්‍රබල බව උචිත උපමා යාෙදා ගනිමින් ගීතයේ අදහස ඉදිරිපත් කර අැත
සමාජයේ හොර රහසේ සිදුවන දේවල් පිළිබද විවරණයකට ලක් කර අැති මෙම ගීතය යමුනා මාලිනියගේ ගේය පද රචනයෙනුත් ගුණදාස කපුගේ මහතා නාද සිත්තමෙනුත් දිවුල්ගනයන්ගේ මියුරු හඩේ සංකලනයෙනුත් සොදුරු නිර්මාණයක් බවට පත්ව තිබේ

නුඹට සිත බැදි කාරණේ මං තවම සොයන්නෙමි...!! Go ahead..!!
ReplyDelete👍👍👍
DeleteEthana thamay waradune,,,?
ReplyDeletegood luck akke !
ReplyDeleteTnk u malli
Deletesinduwa ahala thibunata theruma danagathe ada...
ReplyDelete👍👍👍
DeleteSuperb article subo..
ReplyDeleteThank u akke
Deletegook luck dr..
ReplyDeleteThanks
DeleteGood luck සුපිරි වැඩක්...
ReplyDeleteThank uu❤
DeleteThis comment has been removed by the author.
ReplyDeleteහිතක මල් පිපිලා... 💐
ReplyDeleteharima lassanai nedaaaa
ReplyDeleteEka nm maru
ReplyDeleteThank uu
DeleteNice artical dear... Keep it up...
ReplyDeleteThank uu yasho
Deleteගීතයේ නොදුටු මානයක් විවර කරලා..සුබ පැතුම් සුබෝ..
ReplyDeleteThank uu duli
DeleteLassanai ane...
ReplyDeleteAhala thibunata mechchara wisthara danagena hitiye Naha....
thank uuuu
Deleteහොඳ නිර්මාණයක් ... දිගටම කරන්න
ReplyDeletethan qq hiru
Deletenice aaa
ReplyDeletethanqq
Delete